(මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ‘හාල්මැස්සෙක්’ බවත් මෙම අපරාධයට සම්බන්ධිත ‘තෝරු’ ‘මෝරූ’ සියළු දෙනා එළියේ සිටින බවත් ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙන්නු බව කියන සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාන්දනී දයාරත්න මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (01) දැනුම් දුන්නාය.
නිර්දෝෂී තම සේවාදායකයා මෙම සිද්ධියේ ගොදුරක් වී ඇතැයි කී නීතීඥ චාන්දනී දයාරත්න මහත්මිය හදිසි මිලදී ගැීනීම් යටතේ මෙම එන්නත් ගෙන්වවීමට අනුමැතිය දුන් සියළු දෙන මෙම අපරාධයට වගකිව යුතු යැයිද මාධ්‍යයෙන් පෙන්වන දෙයට වඩා දෙයක් මෙහි වී ඇති බවත් මෙම අපරාධයට සම්බන්ධිත ඉහළ පුද්ගලයින් කිසිවෙකුත් මෙතෙක් හෙළිදරව් වී නැතැයිද වැඩිදුරටත් කීවාය.
මෙම අපරාධය සහ එයට සම්බන්ධිත පුද්ගලයින් හෙළි කිරීමට සැකකරුට අවශ්‍ය නම් ‘පාපෙච්චාරණයක් කිරීමට සැකකරුට හැකියාව ඇතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළාය.
ඉනන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී” අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිටට අත්අඩංගුවට ගත් ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමුත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිට අධිකරණයට වාර්තා කළ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල් වලින් ඩොලර් මිලියන 15ක පමණ මුදලක් වැය කොට අත්‍යාවශ ඖෂධ වර්ග 181 ක් මාස 03ක කාලයක් සඳහා හදිසි මිලදී ගැනීම්් යටතේ ලංකාවට ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි කීය.



